මෙරට මුහුදු සීමාවේ සිටි ඉන්දීය ධීවරයින් 15ක් කොටු

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 15ක් අත්අඩංගුවට..

by Staff writer 09-07-2023 | 4:58 PM

COLOMBO (News 1st) – මෙරට මුහුදුසීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

නාවික හමුදාව සඳහන් කළේ, යාපනය, ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බහුදින යාත්‍රා 2ක් සමග ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

නාවික හමුදාව මෙහෙයුම දියත් කර තිබුණේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ය.

කන්කසන්තුරේ වරායට ගෙන ආ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් මයිලඩි ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

වසරේ ගතවූ කාලසීමාව තුළ යාත්‍රා 12 ක් සමඟ ඉන්දීය ධීවරයින් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව සඳහන් කළේ ය.