.webp)
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ , අද (09) පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේ දී පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
පසුගිය 26 වැනිදා සිට මේ දක්වා දින 14කට ආසන්න කාලයක් පොලිස්පති ධුරය පුරප්පාඩුව පවතී.
ඒ පොලිස්පති ලෙස කටයුතු කළ සී.ඩී වික්‍රමරත්න මහතා විශ්‍රාම යාම හේතුවෙනි.
මේ අතර පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සළකා බැලීමට කිසිදු නිර්දේශයක් මෙතෙක් ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කර නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ය.