.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ප්‍රහාරය එල්ල කළේ කුමන පාර්ශවයක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
කෙසේ වෙතත් එම ප්‍රහාරයට සුඩාන හමුදාව වගකිවයුතු බවත්, ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 31 දෙනෙකු මියගිය බවත් සුඩාන අතුරු හමුදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අතුරු හමුදාව පවසන්නේ, ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගයක් අවහිර කිරීමේ අරමුණින් සුඩාන හමුදාව ප්‍රහාරය එල්ල කළ බවයි.
සුඩාන හමුදා ප්‍රධානී, මෙම චෝදනාවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
හමුදා පාලනයකට යටත්ව ඇති සුඩානය, ක්‍රමයෙන් සිවිල් රජයකට පරිවර්ථනය කිරීමට, සුඩාන හමුදාව ගත් තීරණයට එරෙහිව, සුඩාන අතුරු හමුදා මෙම ගැටුම් ආරම්භ කළේ, පසුගිය මස අප්‍රේල් 15 වැනිදායි.
ගැටුම් හේතුවෙන් සුඩාන වැසියන් මිලියන 3ක් පමණ අවතැන් වී ඇති අතර ලක්ෂ 7ක පමණ පිරිසක් අසල්වැසි රටවලට පලා ගොස් තිබේ.
සුඩාන වැසියන් 1,200ක් පමණ ගැටුම් මධ්‍යයේ මියගොස් ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වේ.
විපතට පත් පුද්ගලයින් සඳහා සහන සැපයිමට අවස්ථා කිහිපයකදීම දෙපාර්ශවය සටන් විරාමයන්ට එළඹිණි.
අමෙරිකාවේ සහ සෞදි අරාබියේ මැදිහත්වීමෙන් සාම සාකච්චා වට කිහිපයක් පැවැත්වුණද, ඒ කිසිවක් සාර්ථක නොවූ බවයි.
සුඩානය දරුණු ආහාර අර්බුධයකට ලක්ව සිටි අතර මේ වන විට එම තත්ත්වය තීව්‍ර වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාල, ලෝක ආහාර වැඩසටහනේ කාර්යාල, සහ විදෙස් රටවල තානාපති කාර්යාලද ගැටුම් හේතුවෙන් තාවකාලිකව වසා දැමිණි.