වී වගාව ආශ්‍රිතව ධාන්‍ය අවපැහැ වීමේ රෝගී තත්ත්වයක්

වී වගාව ආශ්‍රිතව ධාන්‍ය බොල්වීම සහ අවපැහැ වීමේ රෝගී තත්ත්වයක්..

by Staff writer 08-07-2023 | 1:07 PM

COLOMBO (News 1st) - වී වගාව ආශ්‍රිතව ධාන්‍ය බොල්වීම සහ අවපැහැ වීමේ රෝගී තත්ත්වයක් වාර්තා වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 

එහි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ රුක්මාලි ගුණපාල මහත්මිය සඳහන් කළේ ගම්පහ, කුරුණෑගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් එම රෝගී තත්ත්වය වාර්තා වී ඇති බවයි.

මෙය දිලීර රෝගයක එක් අවස්ථාවක් බැවින් මෙයට කඩිනම් පියවර ගන්නා ලෙස ඇය ගොවීන්ට දැනුම් දෙයි. 

මෙය පැතිරීම අවම කිරීම සහ පාලනය කිරීම සඳහා ප්‍රදේශය භාර කෘෂිකර්ම නිලධාරිවරයා හමුවී උපදෙස් ලබා ගන්නා ලෙස සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ රුක්මාලි ගුණපාල මහත්මිය ප්‍රකාශ කළා ය.