අක්‍රීය වූ ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාව අනිද්දා සිට

රෝහල් පද්ධතියේ අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාවට රු. බිලියන 4ක්

by Staff writer 08-07-2023 | 5:03 PM

COLOMBO (News 1st) - ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාව අනිද්දා (10) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඒ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බවයි.

ඒ, ඊයේ ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.

පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදයත් සමග රෝහල් පද්ධතියේ තිබූ CT ස්කෑන් යන්ත්‍ර ඇතුළු විකිරණ පරීක්ෂණ සිදුකරන යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ගිවිසුම් ගතවීම සිදුනොවූ බව අමාත්‍යවරයා පැවසීය.

එම තත්ත්වය මත මේ වනවිට රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර 14ක් ඇතුළු විකිරණ පරීක්ෂණ යන්ත්‍ර රැසක් අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය.