මත්පැන් නිෂ්පාදනාගාරවලට බදු ගෙවන්න සහන කාලයක්..

බදු ගෙවීම් පැහැර හැරි මත්පැන් නිෂ්පාදනාගාරවලට සති 2ක සහන කාලයක්..

by Staff writer 08-07-2023 | 12:05 PM

COLOMBO (News 1st) – බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරවලට බදු ගෙවීම සඳහා සති 2ක කාලයක් ලබාදී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාල , ආයතන රුපියල් කෝටි 600ක බදු මුදලක් ගෙවීම පැහැර ඇති බවයි.

අදාල ආයතන එම බදු මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේ ය.