කුරුඳුවත්තේදී ගැටුමක් අතරතුර 20 දෙනෙකු අත්අඩංගුවට

කුරුඳුවත්තේදී ගැටුමක් අතරතුර 20 දෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 08-07-2023 | 10:40 AM

COLOMBO (News 1st) – කුරුඳුවත්තේදී ගැටුමක් අතරතුර පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය සඳහන් කළේ, දෙපිරිසක් අතර ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් අතරතුර ගැටුම හටගෙන ඇති බවයි

අත්අඩංගුවට ගත් පිරිස පිට ප්‍රදේශවල සිට කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

කුරුඳුවත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.