.webp)
COLOMBO (News 1st) – ග්‍රෑන්ඩ්පාස්, ස්ටේට්පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග 'කුඩු නිලන්ති' නමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඇය ස්ටේට්පුර දනුෂ්කගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන කාන්තාවක් බවට අනාවරණය වී ඇති බවයි.
ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 යි මිලි ග්‍රෑම් 50 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල්ද පොලිසිය භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
44 හැවිරිදි මෙම කාන්තාවට එරෙහිව දැනට මහාධිකරණයේ හෙරොයින් නඩු 03 ක් විභාග වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.