දේශීය බැඳුම්කර ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළයි

Fitch Ratings දේශීය බැඳුම්කර ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළයි

by Staff writer 06-07-2023 | 12:14 PM

COLOMBO (News 1st) – ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings  ආයතනය ශ්‍රී ලංකාවේ දේශීය මුදල්වලින් ලබාගෙන ඇති ණය ශ්‍රේණිගත කිරීම පහත දමා තිබේ. 

Fitch Ratings ආයතනය අද නිකුත්කළ නිවේදනයක දැක්වුණේ,  දේශීය මුදල්වලින් ලබාගෙන ඇති දිගු කාලීන ණය සහ දේශීය බැඳුම්කර C ශ්‍රේණිගත කිරීමේ සිට CC දක්වා පහත හෙළා ඇති බවයි.

Fitch Ratings  ආයතනය ශ්‍රී ලංකාව දිගුකාලීන විදේශ ණය සීමාසහිත පැහැර හැරීම් තත්ත්වය දක්වා දැනටමත් පහත ෙහළා තිබේ. 

සිය නිර්නායක අනුව දේශීය ණය ප්‍රශස්තකරණයෙන් ණය හුවමාරුවක් සිදුකිරීම සුදුසු වුවත් ඒ මගින් සාම්ප්‍රදායික ගෙවීම් පැහැර හැරීමක් සිදු නොවිය යුතු බව Fitch Ratings   ආයතනයේ අදහසයි.