.webp)
COLOMBO (News 1st) – රට බංකොලොත් වූ කරුණු සොයා බැලීමට, විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කර තිබේ.
ඒ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සභාපතීත්වයෙනි.
කථානායක මහින් යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළ ආකාරයට, 14 දෙනෙකුගෙන් සමන්විත එම විශේෂ කාරක සභාවේ 9 දෙනෙකුම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ය.
මෙම කාරක සභාවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන්,
මහින්දානන්ද අලුත්මගමගේ
ජයන්ත කැටගොඩ
පවිත්‍රා වන්නිආරච්චි
සංජීව එදිරිමාන්න
මහාචාර්ය රංජිත් බණ්ඩාර
ඩී.වී. චානක
මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරන් පත්කර තිබේ.
විපක්ෂය නියෝජනය කරන්නේ,
ඉරාන් වික්‍රමරත්න
අශෝක් අබේසිංහ
හර්ෂණ රාජකරුණා
විජිත හේරත් සහ
ශානක්‍යන් රාසමාණික්කම් යන මන්ත්‍රීවරුන් ය.
අද පෙරවරුවේ කථානායකවරයා සභාපතිවරයාගේ නම ප්‍රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ සංවාදාත්මක තත්ත්වයක් ඇති විය.