ප්‍රතිපත්ති පොලී අනුපාතය 2% කින් පහළට

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය 2% කින් පහළට

by Staff writer 06-07-2023 | 8:28 AM

COLOMBO (News 1st) - බැංකු පොලී අනුපාත තීරණය කරන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතය 2% කින් පහළ දමා තිබේ.

මහ බැංකුව, බැංකු වෙත ලබා දෙන ණය වෙනුවෙන් අය කරන පොළිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14% සිට 12% දක්වා පහළ යනු ඇති.

මහ බැංකුව බැංකුවල තැන්පතු සඳහා ගෙවන පොළිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 13% සිට 11% දක්වා පහළ දමා තිබේ.

ඊට සමගාමීව ඉදිරියේදී බැංකුවල ණය අනුපාතික හා තැන්පතු අනුපාතික ද පහළ යනු ඇති.

මෙලෙස සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික පහළ දැමීමට හේතුව ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ පුරෝකථනය කළ මට්ටමටත් වඩා බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය අඩු වීම බවයි.