ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

by Staff writer 06-07-2023 | 9:00 PM

COLOMBO (News 1st) පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. 

එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා විපක්ෂ නායකවරයා, රාජ්‍ය නිලධාරීන් කැඳවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු  වේ. 

කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ද එහි සඳහන් ය

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම් වෙත පිටපත් සහිතව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මේ බව දැනුම්දී තිබේ.