ආයුධයකින් පහරදී විදේශීය ජාතිකයෙකු ඝාතනය කෙරේ..

කොළඹ සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළදී තියුණු ආයුධයකින් පහරදී විදේශීය ජාතිකයෙකු ඝාතනය කෙරේ..

by Staff writer 06-07-2023 | 3:16 PM

COLOMBO (News 1st) –  කොළඹ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී , තියුණු ආයුධයකින් පහරදී ඉන්දියානු ජාතිකයෙකු ඝාතනය කර තිබේ. 

පොලිසිය සඳහන් කළේ, ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යෑම ඝාතනයට හේතුවී ඇති බවයි.

පහර කෑමෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයා, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ. 

ඔහු අවන්හලක සේවය කරන 28 හැවිරිදි තරුණයෙකි. 

පහර දීම සිදු කළ , ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.