.webp)
COLOMBO (News 1st) – Instagram අයත් මෙටා සමාගම විසින් ත්‍රෙඩ්ස් (Threads) ලෙස නව යෙදුමක් එසේත් නැතහොත් ඇප් එකක් හඳුන්වා දී තිබේ.
ඔවුන් මින් අදහස් කරනු ලබන්නේ, මෙතෙක් රූප හා වීඩියෝ පමණක් පළ කළ හැකිවූ instagram යෙදුමට නව අංග ලෙස අදහස් දැක්වීමේ හා සංවාද සිදු කිරීමේ අවස්ථාව ලබා දීමයි.
Twitter සමාජ ජාල යෙදුමට සමානව Threads යෙදුම නිර්මාණය කර තිබේ.
එය සැලකෙන්නේ, ට්විටර් ඇප් එක සඳහා නිර්මාණය කෙරුණු තරගකාරී ඇප් එකක් ලෙසයි.
පැය 04 ක් වැනි කෙටි කාලයක් තුළ ලොව පුරා පරිශීලකයින් මිලියන 5 ක් Threads ඇප් එක බාගත කර ඇත.
ට්විටර් හඳුන්වා දුන් නව නීති මාලාවන්ට අකමැති පරිශීලකයින් බොහෝ දෙනෙක් Threads ඇප් එක වෙත යොමු වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර වසර 11 කට පසු මාක් සකර්බර්ග් ට්විටර් ඇප් එක හරහා සිය සමාගම හඳුන්වා දුන් Threads ඇප් එක පිළිබද සටහනක් යෙදීම ද විශේෂත්වයක්.
Threads ඇප් එක හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් සමාගමේ හිමිකරු ඉලෝන් මස්ක් ප්‍රකාශ කළේ, Threads ඇප් එක ට්විටර් ඇප් එකේ අනුරුවක් පමණක් බවයි.