සිම්බාබ්වේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

සිම්බාබ්වේ කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

by Staff writer 04-07-2023 | 9:38 PM

COLOMBO (News 1st) - සත්කාරක සිම්බාබවේ කණ්ඩායමට 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට තිබූ අවස්ථාව අහිමි විය.
          
ඒ 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ස්කොට්ලන්තයට එරෙහි තරගය ලකුණු 31 කින් අද (04)  පරාජය වීමත් සමගයි.

බුලවායෝහී දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 234ක්.

ලකුණු 235ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41යි පන්දුවක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 203ක් පමණයි.