පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්‌ට පොළී රහිත ණයක්

පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්‌ට රජයෙන් පොළී රහිත ණයක්

by Staff writer 04-07-2023 | 6:31 AM

COLOMBO (News 1st) - පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රජයේ පොළී රහිත ණය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 2019, 2020, 2021 වර්ෂවල උසස් පෙළට පෙනී සිටි දරුවන්ට අයැදුම්පත්‍ර භාරදීමේ අවස්ථාව අද (04) සිට ආරම්භ කෙරේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, අගෝස්තු 7 වෙනි දා දක්වා අයැදුම්පත්‍ර භාරදීමේ අවස්ථාව පවතින බවයි.  

පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රජයේ පොළී රහිත ණය ලබා ගැනීමේ අයැදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකිය.

එම වෙබ් අඩවියට පිවිස පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර මේ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, වැඩි විස්තර සඳහා 070-3555970 - 79 දක්වා දුරකතන අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බවයි.