දේශීය ණය ප්‍රශස්තකරණයේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

by Staff writer 04-07-2023 | 1:20 PM

COLOMBO (News 1st) - දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මේ අනුව ඉදිරියේදී ස්කන්ධ හා සුරැකුම්පත් සම්බන්ධයෙන් මුදල් ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලෙක්ම් හා රජයේ ණය අධිකාරී වෙත ක්‍රියාමාර්ග ගැනීමට ගැසට් නිවේදනයෙන් බලය පැවරෙනු ඇති.

මේ යටතේ පසුගිය ජුනි 28 වැනි දින වනවිට පැවති ස්කන්ධ හා සුරකුම්පත් මුළුමනින්ම හෝ ඉන් කොටසක් පරිවර්තය කිරීමට හා හුවමාරු කිරීමට බලය ලබා දී ඇත.

භාණ්ඩාකාර බැඳුම්කර සකස් කිරීමේදී හා නිකුත් කිරීමේදී වන ඔනෑම වියදමක් ගෙවීම සඳහා ද මෙමගින් ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් හා ණය අධිකාරීට බලය පවරා තිබේ.

මේ අතර දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් නිල වශයෙන් දැනුවත් කිරීම අද සිදු විය.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, දේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව මහ බැංකු පනත, බැංකු විශේෂ විධිවිධාන පනත, විසර්ජන පනත් කෙටුම්පත හා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරන බවයි.

සංශෝධිත පනත් කෙටුම්පත් අනුමැතිය සඳහා ඉදිරි පාර්ලිමේන්තු සති කිහිපය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.