ඕමානයට එරෙහි තරගයේ ජය නෙදර්ලන්තයට

සුපිරි 6 දෙනාගේ වටයේ ඕමානයට එරෙහි තරගයේ ජය නෙදර්ලන්තයට

by Staff writer 03-07-2023 | 9:34 PM

COLOMBO (News 1st) - ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ඕමාන කණ්ඩායමට එරෙහි තරගය නෙදර්ලන්තයඅද (03) ජය ගත්තේ ය.

හරාරේහී දී  පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඕමාන නායකයාගේ තීරණය වූයේ, පළමුව පන්දු රැකීමයි.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 48කට සීමා විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 362ක්.

වික්‍රම්ජිත් සිංග් ලකුණු 110ක් රැස් කිරීමට සමත් විය.

වෙස්ලි බර්රේසි ලකුනු 97යි.

ඕමානය වෙනුවෙන් ,බිලාල් කාන් කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමේ, පළමු කඩුලු 3 බිඳ  වැටුණේ ලකුණු 78කදීයි.

අයාන් කාන් නොදැවී ලකුණු 105ක් රැස් කළේ ය.

ශොයිබ් කාන් ලකුණු 46යි.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕමාන කණ්ඩායම පන්දුවාර 44ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 246ක් රැස් කර ගෙන සිටියේ ය.

ඒ අනුව ලකුණු 74කින් තරගයේ ජය හිමි වූයේ  නෙදර්ලන්ත කණ්ඩායමටයි.