.webp)
ඒ, දකුණු මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තයේදීය.
වික්ටර් හියුගෝ සෝසා නැමති මෙම නගරාධිපතිවරයා ඇලිසියා ඇඩ්‍රියානා නම් මෙම කිඹුලිය සමග විවාහ වූයේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විවාහ උත්සවයට පෙර, සත්වයා ගෙයින් ගෙට ගෙන යන අතර ප්‍රදේශවාසීන්ට කිඹුලිය අල්ලාගෙන නර්තනයේ යෙදීමට ද එහිදී අවස්ථාව හිමිවේ.
මනාලියෙකු සේ සුදු ඇඳුමකින් සරසන ලද කිඹුලිය සමග ප්‍රදේශයේ නගර ශාලාවේදී විවාහ උත්සවය පවත්වා තිබේ.
මින් නගරයේ වැසියන්ට වාසනාව ගෙන එනු ඇති බව සඳහන් වේ.