.webp)
ඊට අමතරව ඌව පළාතේ ත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක බව සඳමන් වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු-මැද පළාත, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සුළං වේගය පැයට කිලෝමීටර් 45 ක් පමණ දක්වා ඉහළ යා හැකි වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.
මේ අතර රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහායි.