එන්නතකින් පසු කාන්තාවක් මියයාමගැන වාර්තාවක් කැඳවයි

එන්නතක් දීමෙන් පසු කාන්තාවක් මියයාම ගැන වාර්තාවක් කැඳවනවා - කෙහෙළිය රඹුක්වැල්ල

by Staff writer 03-07-2023 | 6:49 AM

COLOMBO (News 1st) –  එන්නතක් ලබාදීමෙන් පසු රාගම රෝහලේදී කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

පසුගියදා එලෙස මියගොස් තිබුණේ, ජා ඇල උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකි.

එන්නතක් ලබාදීමෙන් පසු පේරාදෙණිය රෝහලේදී ද පසුගියදා කාන්තාවන් දෙදෙනෙකු මිය ගියේ ය. 

සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාළ පළමු වාර්තාව මේ වන විට ලැබී ඇති බවයි.

රාගම ශික්ෂණ රෝහලේ සිදුවීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී වාර්තාවක් ලබා ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ය