අස්වැසුමේ පවතින අඩුපාඩු ගැන විමර්ශනයක්

අස්වැසුම වැඩසටහනේ පවතින අඩුපාඩු ගැන විමර්ශනයක් - අනූප පැස්කුවෙල්

by Staff writer 03-07-2023 | 6:34 AM

COLOMBO (News 1st) – අස්වැසුම වැඩසටහනේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව, සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත ගොස් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලාභ අහිමිවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ලබන 10 වැනිදා දක්වා අවස්ථාව පවතී.