ශ්‍රී ලංකා - සම්බාබ්වේ තීරණාත්මක තරගය අද..

ශ්‍රී ලංකා - සම්බාබ්වේ සුපිරි 6 වටයේ තීරණාත්මක තරගය අද..

by Staff writer 02-07-2023 | 7:12 AM

COLOMBO (News 1st) - 2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද (02) පැවැත්වේ.

ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ නෙදර්ලන්තය සමග පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 සිම්බාබ්වේ කණ්ඩායම සමග අද  පැවැත්වෙන තරගය ජය ගැනීම ද, ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වනු ඇත.

ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (01)  නිවේදනය කළේ ය.

ඔහු වෙනුවට සංචිතයට කැඳවා ඇත්තේ සහන් ආරච්චිගේ යි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12යි 30ට බුලවායෝහිදී  ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ සහ සිරස TV නිල වෙබ් අඩවිය ඔස්සේ  සජීවීව නැරඹිය හැකි වේ.