.webp)
ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිටයි.
'සක් සුරින්' හෙවත් මුතු රාජා 2001 වසරේදී තායිලන්ත රජය මෙරටට පරිත්‍යාග කළේ ය.
ඒ අනුව වසර 22 කට ආසන්න කාලයක් මුතුරාජා රඳවා තිබුණේ අලුත්ගම කන්දේවිහාරය භාරයේ යි.
අලංකාර දළ යුගලකට උරුමකම් කියන මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන්, සත්වයාව යළි එරටට රැගෙන යායුතු බව, තායිලන්තය, ලක් රජයට දැනුම්දී තිබිණි.
එම ඉල්ලීමට අනුව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනආ හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඇත් ගොව්වන් ඇතුලු තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටියේ ය.