ජුනි මාසයේදී මෙරටට සංචාරකයින් ලක්ෂයක්

ජුනි මාසයේ දී මෙරටට සංචාරකයින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් - සංචාරක සංවර්ධන අධිකාරිය

by Staff writer 02-07-2023 | 7:47 AM

COLOMBO (News 1st) - ජුනි මාසය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි, සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, වසරේ ගතවූ මාස හය තුළ සංචාරකයින් හය ලක්ෂ විසිපන්දහසක්  පමණ දිවයිනට පැමිණ ඇති බවයි.

2022 වසරේ පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව හත් ලක්ෂ විසිදහසක්.

ඊට සාපේක්ෂව මෙම වසරේදී සංචාරකයින් පැමිණීමේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බව, ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.