.webp)
පොලීසිය සඳහන් කළේ, පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද(02) රාත්‍රී 8.00 සිට හෙට(03) අලුයම 3.00 දක්වා පැවැත්වෙන බවයි.
ඒ අනුව පෙරහැර සංඛපිට්ටි පුරාණ විහාරස්ථානයෙන් ආරම්භ වී නව නුවර මාර්ගය ඔස්සේ මාලඹේ දෙසට ගොස් කොතලාවල දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට පැමිණ, රාජසිංහ මාවත ඔස්සේ, කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට පිවිස හේවාගම අධිවේගී මාර්ග පිවිසුම අසල සිට කඩුවෙල මංසන්ධිය දක්වාද පැමිණ, දකුණට හැරී මාලඹේ දෙසට ගමන් කර යළි විහාරස්ථානයට ගමන් කරනු ඇති.
පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ ඉහත සඳහන් මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.