.webp)
හරාරේහිදී පැවති තරගයේ ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්තය තරගය ජය ගත්තේ, පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදීය.
තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත නායක රිචී බෙරින්ටන්ගේ තීරණය වූයේ, පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 6 ලකුණු 81කදී බිඳ වැටුණි.
රෝමාරියෝ ශෙපර්ඩ් ලකුණු 36යි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජේසන් හෝල්ඩර් ලකුණු 45ක් රැස් කළේ ය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 181ක් පමණි.