කොළඹට සහ ගාල්ලට දැනුණු මුහුදේ භූචලනය

ශ්‍රී ලංකාවට ගිණිකොණින් 1200km එපිට මුහුදේ භූ චලනයක්: කොළඹට සහ ගාල්ලට භූචලනයේ බලපෑම දැනෙයි

by Staff writer 01-07-2023 | 1:30 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවට ගිණිකොණින් කිලෝ මීටර් 1200ක් එපිට මුහුදේ සිදුවූ භූ චලනයක බලපෑම ප්‍රදේශ කිහිපයකට දැනී ඇතැයි, භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි. 

ඒ අනුව  කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලට මෙම භූ චලනයේ බලපෑම දැනී තිබේ.