රොටුඹ රසිකගේ ගෝලයන් 04 ක් අත්අඩංගුවට..

රොටුඹ රසිකගේ ගෝලයන් 04 ක් අත්අඩංගුවට..

by Staff writer 01-07-2023 | 1:04 PM

COLOMBO (News 1st) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රොටුඹ රසික නැමැත්තාගේ ගෝලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

ඒ , මුලටියන සහ මාකඳුර ප්‍රදේශ වල කල වැටලීම්වලදී ය. 

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී අපරාධ සදහා යොදා ගන්නා  AK 47 වර්ගයේ ගිනි අවියක් සහ මැගසිනයක් මෙන්ම ඇමෙරිකාවෙ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් හා මැගසිනයක්ද සිය භාරයට ගත් බවයි.

36, 43, 44, හා 51 හැවිරිදි සැකකරුවන් මුලටියන සහ මාකඳුර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

රොටුඹ රසික ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී මේ වනවිට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටී.