මුතුරාජා හස්තියා අද යළිත් තායිලන්තයට..

මුතුරාජා හස්තියා අද යළිත් තායිලන්තයට..

by Staff writer 01-07-2023 | 9:47 AM

COLOMBO (News 1st) –  තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද (01) රාත්‍රියේ යළිත් එරටට රැගෙන යයි. 

ඒ,විශේෂ ගුවන් යානයකින් ය. 
 
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා සඳහන් කළේ, ඇතාට මාස 2කට අධික කාලයක් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කළ බවයි. 

මුතුරාජා මෙරටට පරිත්‍යාග කෙරුණේ 2001 වසරේදී ය. 

ඒ තායිලන්ත රැජිනගේ පරිත්‍යාගයක් ලෙසයි. 

මෙරටට පරිත්‍යාග කෙරුණු හස්තියා අලුත්ගම කන්දේ විහාරයට භාර දුන් අතර, එහිදී ඇතා විවිධ වධ හිංසාවට ලක් කර ඇති බව සත්වවේදීන් පෙන්වා දීමත් සමග තායිලන්ත රජයේ අවදානය ඒ සම්බන්ධයෙන් යොමු විය. 

එහි ප්‍රතිඵලයක් ලෙස තායිලන්තය ඇතා යළිත් එරටට රැගෙන යාමට තීරණය කළේ ය. 

ඇතා පුහුණු කිරිමට එරටින් ඇත් ගොව්වන් 04 දෙනෙකු ද මෙරටට පැමිණි බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ ය. 

තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ, මෙරට දිගම දළ යුගලය හිමි ඇතා මුතුරාජා හස්තියා බවයි.