සුරාබදු ඉහළට

මත්පැන් සහ මධ්‍යසාර මත පනවා ඇති සුරාබදු ඉහළට

by Staff writer 01-07-2023 | 5:10 PM

COLOMBO (News 1st) - මත්පැන් සහ මධ්‍යසාර වර්ග මත පනවා ඇති සුරාබදු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (01) සිට ඉහළ දමා තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දේශීයව නිෂ්පාදනය කරන හා ආනයනය කරනු ලබන මත්පැන් හා මධ්‍යසාර මත පනවා ඇති බදු එලෙස ඉහළ දමා ඇති බවයි.

මේ අතර අද (01) සිට ක්‍රියාත්මකවන පරිදි දුම්වැටිවල මිල ද ඉහළ නංවා ඇත.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ, සුරාබදු ඉහළ දැමීමත් සමග දුම්වැටියක මිල එලෙස ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක රුපියල් 5, රුපියල් 15, රුපියල් 20 සහ රුපියල් 25 යන මිල ගණන්වලින් ඉහළ දමා ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.