.webp)
එහි සභාපතිත්වය දරන්නේ, අමාත්‍ය ටිරාන් අලස් මහතායි.
සිසිර ජයකොඩි, වෛද්‍ය සීතා අරඹේපොල, බුද්ධික පතිරණ, වෛද්‍ය ගයාෂාන් නවනන්ද, තුෂාර ඉඳුනිල් අමරසේන, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මේජර් සුදර්ශන දෙනිපිටිය එහි සමාජිකයින් අතරට අයත් ය.
මීට අමතරව අසංක නවරත්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, තවරාජා කලෙයි අරසන් හා මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් ද මෙම විශේෂ කාරක සභාවේ සමාජිකයින් ලෙස පත් කළ බව කනානායකවරයා නිවේදනය කළේ ය.
රට තුළ ශීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කාරක සභාව මගින් සිදු කරනු ඇති.