.webp)

COLOMBO (News 1st) – පොල්පිතිගම, ඉරිමින්නාගම ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, රඹුක්කන ප්‍රදේශයේදී සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු පසුගිය 26 වැනිදා එම කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු බවට අනාවරණය වූ බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෝදර පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර, උඩප්පුව, පෙරියපාඩුව ප්‍රදේශයේ මුහුදු වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩගසා ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
පොලිසිය පැවසුවේ මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නොමැති අතර , මෘත දේහය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති බවයි.
