ප්‍රංශ තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා කොටු..

විරෝධතා හමුවේ ප්‍රංශ තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට..

by Staff writer 30-06-2023 | 8:33 AM

COLOMBO (News 1st) – ප්‍රංශයේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශයේ නගර රැසක විරෝධතා පවතින අතරතුරයි. 

විරෝධතා උත්සන්න වීම හේතුවෙන් ප්‍රංශයේ නගර රැසක රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගත්තේ ය. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දිනවල ඇතිවූ මෙම විරෝධතා අතර තුර මෝටර් රථ සහ ගොඩනැගිලි කිහිපයකටද හානි විය. 

විරෝධතා අතරතුර අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 180 කි. 

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 40,000 ක් පමණ යෙදවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රංශ පොලිසිය 17 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක බවයි.

17 හැවිරිදි අදාළ තරුණයා පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ බව කියමින් පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.