ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Fb පිටුව හැක් කෙරේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Facebook පිටුව හැක් කෙරේ

by Staff writer 30-06-2023 | 7:40 PM

COLOMBO (News 1st) - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් (Facebook) පිටුව අද (30) දහවල් සිට හැක් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවය.

රජයේ නිල තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවේ යාවත්කාලින කිරීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.