දේශීය ණය ප්‍රශස්තකරණයට මුදල් කාරක සභා අනුමැතිය

යෝජිත දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළට රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය

by Staff writer 30-06-2023 | 5:01 PM

COLOMBO (News 1st) - යෝජිත දේශීය ණය ප්‍රශස්තකරණය වැඩපිළිවෙළට රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. 

ඒ, එම කාරක සභාව අද (30) පස්වරුවේ එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි. 

රාජ්‍ය මුදල් කාරකසභාව පුළුල් සාකච්ඡාවලින් අනතුරුව, සංශෝධනවලට යටත්ව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය ලබා දී ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද මෙම කාරකසභාවට සහභාගී වූ බව සඳහන් වේ.