.webp)
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 6ක් ලබා සුපිරි 6 දෙනාගේ වටයේ පෙරමුණේ පසුවේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල බිඳ වැටුණේ තරගයේ පළමු පන්දුවාරයේදීයි.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 96කදී බිඳ වැටුණි.
7වන කඩුල්ල සඳහා වනිදු හසරංග සහ ධනංජය ද සිල්වා ගොඩ නැගු සම්බන්ධතාව ලකුණු 35කි.
වනිදු හසරංග ලකුණු 20ට දැවී ගියේ ය.
ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගු ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ අතර 8 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 77කි.
ධනංජය ද සිල්වා ලකුණු 93යි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 213ක් රැස් කළේ ය.
ලකුණු 214ක ඉලක්කයකින් පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 11කදීයි.
වික්‍රම්ජිත් සිං සහ මැක්ස් ඔ'ඩවුඩ් ලකුණු රැස් කිරීමට පෙර දවා ගැනීමට ලහිරු කුමාර සහ දිල්ශාන් මදුශංක සමත් විය.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙස්ලි බරේසි ලකුණු 52ක් රැස් කළේ පන්දු 50කිනි.
බස්ඩ ලීඩ ලකුණු 41යි.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ස්කොට් එඩ්වඩ්ස් නොදැවී ලකුණු 67ක් රැස් කළේ ය.
මහීෂ් තීක්ෂණ කඩුලු 3යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයේ සියලු දෙනා පන්දුවාර 40ක් අවසානයේදී ලකුණු 192කට දැවී ගියේ ය.