.webp)
COLOMBO (News 1st) – නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කරන ඒම මෙහයුම් සඳහා අවශ්‍ය අවස්ථාවලදී නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ ද සහය ලබා ගන්නා බවයි.
වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 44 පමණ දිවයිනේ විවධ ප්‍රදේශවලින් වාර්තා වන බව ඔහු සඳහන් කළේ ය.
මේ අතර , සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධ වි ඇති බවට තොරතුරු ලැබෙන ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිබඳව ද විශේෂ අවදානයක් යොමු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.