.webp)
COLOMBO (News 1st) – එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස අද (30)වැඩ භාර ගත්තේ ය.
ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ය.
නව ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් ගුවන් හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණ.
මේ අතර, ධුරයෙන් විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එයාර් චීප් මාර්ෂල් ධුරයට උසස් කර තිබේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ය.
ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස සුදර්ශන පතිරණ මහතා වැඩ භාර ගත්තේ 2020 වසරේ නොවැම්බර් 03 වැනිදා ය.