.webp)
ඒ, එම කාරක සභාව අද (30) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.
ඒ අනුව හෙට (01) පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇති.
ඉරිදා දින මෙම විවාදය නොපවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කළේ ය.
එමෙන්ම ලබන 4 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමටත්, එදිනට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු 7 වැනි සිකුරාදා විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.
මේ අතර දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රාජ්‍ය මුදල් කාරක සභාවත් මේ වනවිට රැස්වී ඇත.
ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.