.webp)
COLOMBO (News 1st) – අස්වැසුම සමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබෙන අභියාචනා හා විරෝධතා විමර්ශනය කිරීමට ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් අභියාචනා මණ්ඩල පිහිටුවීමට පියවර ගෙන තිබේ.
එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික , විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, ඒ සඳහා බලපත්‍ර දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති බවයි.
අස්වැසුම සාමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා හාර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී තිබේ.
ලබන 10 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවද කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කළේ ය.