ඕමානයට එරෙහි තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ජය

සුපිරි 6 දෙනාගේ වටය : ඕමානයට එරෙහි තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ජය

by Staff writer 29-06-2023 | 9:52 PM

COLOMBO (News 1st) – 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ඕමානය සමග පැවැති තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 14කින් අද ජය ගත්තේ ය. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 332 කි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට කඩුලු 9ක් දැවී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 318ක් පමණි.