.webp)
ඒ අනුව පළමු තරගයට එක් වන්නේ, සත්කාරක සිම්බාබ්වේ සහ ඕමාන කණ්ඩායම්ය.
ක්‍රෙයිග් අර්වින් සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවන අතර සිකන්දර් රාසා, ශෝන් විලියම්ස් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් එම කණ්ඩායම සමන්විතයි.
සීෂාන් මක්සූඩ් ප්‍රතිවාදී ඕමාන කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.
ඕමාන කණ්ඩායමේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින් අතරට බිලාල් ඛාන් සහ අයාන් ඛාන් වැනි ක්‍රීඩකයින් ඇතුළත් වේ.
අද තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ සියලු තරග TV1 නාලිකාවෙන් සහ සිරස TV නිල වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය වේ.
ශ්‍රී ලංකාව සහභාගී වන සියලු තරග සිරස TV ඔස්සේ ඔබ වෙත ගෙනඒමට අප සූදානම් ය.