ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්

by Staff writer 29-06-2023 | 10:14 AM

COLOMBO (News 1st) – ඩොලර් මිලියන 700 ක මුදලක්, ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබේ. 

ඒ සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවිය. 

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසරභාවය ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට එම මුදල ලබාදීමට තීරණය වී තිබේ. 

ලෝක බැංකුව එම මුදල ලබාදීමේ තවත් අරමුණක් වන්නේ, දිළිඳු ජනතාවට සහන සැලසීම සහ පෞද්ගලික අංශයට සහය වන මූලික ප්‍රතිසංස්කරණ සැකසීම සඳහා අවශ්‍ය සහය ලබාදීමයි.