.webp)

එය හැඳින්වෙන්නේ, පරිත්‍යාගයේ හා කැපවීමේ උත්සවය ලෙසයි.
එම උත්සවය සැමරෙන්නේ, අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබි තුමාට දුන් අණක් පිළිපැදීම සඳහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙනි.
ඉස්ලාම් බැතිමතුන් සතු පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැළකෙන්නේ ද හජ් වන්දනාවයි.
මව්පිය, ඥාතීන් හමුවීම සහ දන්දීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවෙමින් අද දවස පුරා ඉස්ලාම් බැතුමතුන් හජ් උත්සවය සමරති.
කලාපීය සහ ගෝලීය ඉලක්ක ළඟා කර ගැනීමට සියලු දෙනා එක්ව සාමූහික අරමුණකට අත්වැල් බැඳගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරයුම් කරයි.
හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, එළැඹෙන හජ් සමය වනවිට රටේ පවතින ආර්ථික, සමාජීය දුෂ්කරතාවන්ගෙන් සම්පූර්ණයෙන් මිදීමට සියලු දෙනාගේ දායකත්වය, මැදිහත්වීම සහ සහභාගීත්වය අතිශය වැදගත් වන බවයි.
දුෂ්කරතා මගහැර රට වර්තමාන තත්ත්වයට පමුණුවා ගැනීම සඳහා ජනතාව කළ පරිත්‍යාගය, කැපවීම සහ ඉවසීම සහිත තීරණාත්මක අවදිය සිහි කිරීමට හජ් උත්සවය වඩාත් උචිත අවස්ථාවක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
පටු භේද අතැර, මිත්‍රත්වයෙන් සහ සහෝදරත්වයෙන් ජීවත්වීමට මෙවර හජ් උත්සවයේදී සියලුදෙනා අදිටන් කරගත යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඒ, හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සමානාත්මතාව සහ සහජීවනයෙන් දිවි ගෙවීම, හජ් උත්සවයේ ප්‍රමුඛ පරමාර්ථය වන බවයි.
මෙවර හජ් සමයේදී අවාසනාවේ සහ අභාග්‍යසම්පන්න බවේ අන්ධකාරය නිමාවී වාසනාව උදාවේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, සමාජ වටිනාකම් ශක්තිමත් කර සහජීවනය ගොඩනංවා යහපත් ක්‍රියාවන් පිළිබිඹු කිරීමට හජ් උත්සවයෙන් දායකත්වයක් සපයන බවයි.
