.webp)
COLOMBO (News 1st) – රිය අනතුරකින් තුවාල ලැබූ හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද උදෑසන ඇය ගමන් ගත් වෑන් රථය, මුන්දලම 107 කණුව ප්‍රදේශයේදී ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් වෑන් රථයේ ගමන් කළ තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලීසිය සඳහන් ක ෙළ්, ඔවුන් ඇයගේ පවුලේ සාමාජිකයින් බවයි.