නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කෙරේ

by Staff writer 29-06-2023 | 9:10 AM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත්කර තිබේ. 

ඒ, හෙට සිට ක්‍රියාත්මක වන පරිදියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති ධුරයට පත්කරනු ලැබ ඇත්තේ, එයාර් මාෂල් නිලයට ද උසස් කරමිනි.