.webp)
COLOMBO (News 1st) – තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2ක් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනිනි.
ඒ අනුව මේ වසරේ මාර්තු 31 වැනි දා සිට ජුනි 30 වැනි දා දක්වා නිකුත් කරන සෑම රියැදුරු බලපත්‍රයකම කල් ඉකුත් වීමේ දිනය කුමන දිනයක් ලෙස සඳහන්ව තිබුණත් එහි වලංගු කාලය වසර 2 කි.
ජූලි 01 වැනි දා සිට එම නියෝගය ක්‍රියාත්මකයි.