කොමිෂන් සභා දෙකකට නව සභාපතිවරු

කොමිෂන් සභා දෙකකට නව සභාපතිවරු පත් කෙරෙති

by Staff writer 29-06-2023 | 12:28 PM

COLOMBO (News 1st) – මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පත්කර තිබේ. 

පත් කිරීම සිදු කරනු ලැබ  ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. 

ඔහු මීට පෙර මැතිවරණ කොමිසමේ සහකාර කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු  කළේ ය. 

මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ යෝජනාවලට අනුව ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම් කර තිබේ.