ලබන මාසයේ සිට විදුලි බිල අඩු වෙයි ද?

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව ගැන තීරණය ලබන සිකුරාදා...- මහජන උපයෝගිතා කොමිසම

by Staff writer 28-06-2023 | 9:19 AM

COLOMBO (News 1st) – විදුලි බිල අඩු කිරීමට විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ලබන සිකුරාදා (30) තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ඊයේ (27) ක්‍රියාත්මක වූ බවයි.

එහිදී ජනතාව විදුලි බිල අඩු කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළහ.

ලබන මස 01 වැනි දා සිට විදුලි බිල අඩු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබේ.

ඒ අනුව ඒකක 30 දක්වා ගෘහස්ථ හා ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 23% කින් ද හෝටල් හා කර්මාන්තායතනවල විදුලි ගාස්තුව 29% - 40% ක ප්‍රතිශතයකින් අඩු කිරීමට ද විදුලි බල මණ්ඩලය සැලසුම් කර තිබේ.